ප්‍රමුඛ පුවත 1

බරපතළ වංචා පිලිබඳ වාර්තා 3ක් ජනපතිට

(උදයම්,කොළඹ) – බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් විමර්ශන අවසන් කරන ලද වාර්තා 03ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙයි.
ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව සහ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ සිදුව ඇති වංචා දුෂණ පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදී තිබේ.

කොමිසමේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත බාරදී ඇත.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතාගේ දුෂණ හා මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදුන් බව එම කොමිසම සඳහන් කරයි.

Related posts

තෝරාගත් ඉපැරණි මුස්ලිම් ආගමික සිද්ධස්ථාන මහජනතාවට විවෘත කෙරේ

Mohamed Dilsad

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ අද රැස්වේ

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment