ප්‍රමුඛ පුවත 1

යතුරුපැදි අනතුරකින් පිය පුතු මොලොව හැර යයි

(UTV| ගාල්ල) – හුංගම, කහදමෝදර වැව අසලදී සිදු වූ යතුරුපැදි අනතුරකින් එකම පවුලේ පියා සහ පුතා මියගොස් තිබේ.

යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපස ගමන් ගත් ඔහුගේ දරුවන් දෙදෙනා රන්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු පැදිකරු මියගොස් ඇති අතර තුවාල ලැබූ එක් දරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ කහදමෝදර, රන්න ප්‍රදේශයේ  පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගයෙකු සහ ඔහුගේ 06 හැවිරිදි පිරිමි දරුවා බව වාර්තා වෙයි.
හුංගම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඊසාන දිග මෝසම සක්‍රීය වීමෙන් දිවයින පුරා තද වැසි

Mohamed Dilsad

පළාත් 6කට නව ආණ්ඩුකාරවරුන් පත් කෙරේ [VIDEO]

Mohamed Dilsad

හිටපු ගුවන් සේවා ඇමතිට සහ ඔහුගේ ලේකම්ට නඩු

Mohamed Dilsad

Leave a Comment