ප්‍රමුඛ පුවත 1

අලුත් වැඩියා කටයුතු නිසා වැසෙන මාර්ග

(UTV| කොළඹ) – ජල නල එළිම හේතුවෙන් කේ. සිරිල් සී පෙරේරා මාවත, 06 වන පටු මග මාර්ගයේ සිට සුගතදාස ක්‍රීඩාංගණයේ මැටිපාක් හන්දිය දක්වා මාර්ග කොටසේ අද(16) සිට දින 03ක් වාහන ගමනා ගමනය  සීමා කිරිමට තීරණය කර තිබේ.

පොලිසිය පැවසුවේ එම මාර්ග කොටස අද රාත්‍රී 09.00 සිට ලබන 19 වනදා උදෑසන 05.00 දක්වා වාහන ගමනා ගමනය සීමා කරන බවයි.
එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස  පොලිසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දින දෙකක කාලයක් කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද රාත්‍රී 8.00 සිට 19 වනදා අළුයම 4.00 දක්වා කාලය තුළ එම දුම්රිය මාර්ගය වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා  පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි(ඡායාරූප)

Mohamed Dilsad

එජාප අපේක්ෂකයාගේ සහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා අතර වෙනස ඇමති කබීර් කියයි [VIDEO]

Mohamed Dilsad

නාවික හමුදාව විසින් පුද්ගලයින් 06ක් අත්අඩංගුවට ගනි…

Mohamed Dilsad

Leave a Comment