ප්‍රමුඛ පුවත 1

ලෙබනන් සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස්

(UTV| කොළඹ) – එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ලෙබනන් රාජ්‍යය බලා පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලිය ඊයේ (07) අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පැවැත්විණි.

ලෙබනන් බලා පිටත්ව යාමට නියමිත එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා සාම සාධක කණ්ඩායමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකා රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය, යුද හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය නියෝජනය කරමින් නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 140 දෙනෙකු ඇතුලත් විය.
එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා ලෙබනන් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත මෙම ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිසේ පළමු කණ්ඩායම ( අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් 7 දෙනෙකු සහ සෙසුනිලයින් 43 දෙනෙකු) පෙබරවාරි මස තුන්වන සතියේ එම රාජකාරි භාරගැනීම සඳහා ලෙබනන් බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ආර්.ඩබ්ලිව්.කේ. හේවගේ විසින් මෙම නව සාම සාධක කණ්ඩයට අණදීම සිදුකරනු ලබන අතර, ඉතිරි භට පිරිස් 2018 පෙබරවාරි මස 18, 19 සහ මාර්තු මස 06 යන දිනයන් හිදි දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය අදයි

Mohamed Dilsad

එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සජිත් අතර හමුවක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Mohamed Dilsad

Leave a Comment