ප්‍රමුඛ පුවත 1

පොළොන්නරුවේ ප්‍රභූ ආරක්ෂක නිලධාරියා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

(උදයම්,පොළොන්නරුව) – පොළොන්නරුව නව නගරය ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයකු ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පසුගිය දෙසැම්බර් මස 16 වනදා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නිවසට ඇතුලුවී එහි සේවය කල පොලිස් සැරයන්වරයකු ඝාතනය කර තිබුණි.

සැකකරු තියුණු ආයුධයකින් පහරදී සැරයන්වරයා ඝාතනය කල බව පසුව හෙළි විය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවකු වන අතර පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තාවේ.

ඔහුට එරෙහිව ගෙවල් බිඳුම් චෝදනා සම්බන්ධ නඩු 4 ක් අධිකරණයේ විභාග වෙමින් පවතින බවද පොලිසිය පැවසීය.

Related posts

උසස්පෙළ අයඳුම්පත් පාසැල් වලට යැවේ

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තු නියෝජිතයින්ට විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

Leave a Comment