ප්‍රමුඛ පුවත 1

රටක් හඬවමින් අවසන් ගමන් ගිය ලහිරි

(UTV| කොළඹ) – හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි තරුණියක් ඊයේ අවාසනාවන්ත ලෙස සිය ජීවිතයෙන් සමුගත්තේ දෙමව්පියන්, නැදෑයන් හිතවතුන් සියලු දෙනා හඬවමිනි.

ඇය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිදුවූ රිය අනතුරකින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

මෙලෙස අවාසනාවන්ත ලෙස සිය ජීවිතයට සමුදුන්නේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ලහිරි නමැති තරුණියකි.

බීමත් රියදුරෙකුගේ නොසැලිකිලිමත් රිය ධාවනය හේතුවෙන් නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේදී මෙම අනතුර සිදු විය.

මාස 10 කට ආසන්න කාලයක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය ඊයේ(01) දිනයේ සිය අවසන් සුසුම් හෙලුවාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2247 යි

Mohamed Dilsad

පළාත් රැසකට අද රාත්‍රියේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

අ.පො.ස උසස් පෙළ විභාගය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment