ප්‍රමුඛ පුවත 1

මැතිවරණය ප්‍රකාශ කිරීමට අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යයි – මැතිවරණ කොමිෂම

(UTV|කොළඹ) – එළැඹෙන පෙබරවාරි 10දා පැවැත්වීමට නියමිත 2018 පළාත් පාලන ඡන්ද විමසීමේ දී ඡන්දදායකයින් විසින් තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යය බවත් පිළිගත හැකි හැඳුනුම්පතක් නොමැති පුද්ගලයින් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විශේෂ හැඳුනුම්පතක් ලබාගැනීම අනිවාර්යය බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති පූජ්‍ය/ පූජක හැඳුනුම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කළ විශේෂ හැඳුම්පත ඉදිරිපත් කිරීමෙන් පමණක් මැතිවරණය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයාට අවස්ථාව හිමි වේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විශේෂ හැඳුනුම්පත ලබාගැනීම සඳහා වන අයඳුම්පත් භාරගැනීම පෙබරවාරි 02දා දක්වා සිදු කෙරේ. මෙම හැඳුනුම්පත කොට්ඨාසයේ ග්‍රාමනිලධාරීවරයා හෝ වත්තක නම් වතු අධිකාරිවරයා වෙතින් ලබාගත හැකිය.

ඡන්දපොළේ දී ඡන්දහිමියාගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉහත සඳහන් හැඳුනුම්පත්වලින් කිසිවක් නොමැති හෝ තිබෙන හැඳුනුම්පත දුර්වර්ණවීම නිසා අපහැදිලි හෝ පුද්ගලයා හඳුනාගත නොහැකි පුද්ගලයන් වෙත්නම් මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන විශේෂ හැඳුනුම්පතක් ලබාගත යුතුය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි- ජනපති

Mohamed Dilsad

ප්‍රසන්න රණතුංග පොහොට්ටුව ලකු‍ණෙන් මැතිවරණයට

Mohamed Dilsad

රුවන්වැලි සෑ රඳුන්ගේ චූඩා මාණික්‍යය පැළඳ වූ කොත නිරාවරණය කිරීම අද

Mohamed Dilsad

Leave a Comment