ප්‍රමුඛ පුවත 1

හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්

(UTV|කොළඹ)  – නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

හම්බන්තොට,ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇතිවිය හැක.සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

දිවයිනේ උතුරු,නැගෙනහිර,උතුරුමැද පළාත්වල ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් බලාපොරොත්තු විය හැක.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වනදා

Mohamed Dilsad

කොකේන් ගිලූ කෙන්යානු කාන්තාවට අසාධ්‍යයි

Mohamed Dilsad

මෙරට විද්‍යුත් වාණිජ රාමුව ශක්තිමත් කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment