ප්‍රමුඛ පුවත 1

මෙරට විද්‍යුත් වාණිජ රාමුව ශක්තිමත් කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර ඇරඹේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ රාමුව ශක්තිමත් කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර ඇරඹේ.

ශ්‍රී ලංකාවේ විද්යුත් වාණිජ රාමුව ශක්තිමත් කිරීමේ වැඩ සටහනේ දෙවැනි අදියර කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී ඊයේ (06) ආරම්භ කෙරෙණි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වෙළෙඳ ගණුදෙනු වර්ධනය කිරීම, විද්යුත් වාණිජ්‍යයේදී සිදුවන ගැටලු අවම කිරීම, පාරිභෝගික සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා, නීති සම්පාදනය, තිබෙන නීති යාවත්කාලීන කිරීම සහ එම නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම, දත්ත සුරක්ෂිතතාව ඇති කිරීම, ඇතුළු ප්‍රධාන ක්‍ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි විද්යුත් වාණිජ රාමුව ශක්තිමත් කිරීම පිළිබඳව වූ වැඩසටහන අද (06) සහ හෙට (07) දෙදිනපුරා පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ විද්යුත් වාණිජ රාමුව ශක්තිමත් කිරීම සඳහා පාරිභෝගික සුරක්ෂිතාව වෙනුවෙන් වූ කෙටුම්පත සැකසීම සඳහා වන අදහස් යෝජනා ලබා ගැනීම ද මෙම වැඩසටහනේ අරමුණු අතරවේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, විදුලි සංදේශ සහ යටිතල පහසුකම් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා වාණිජ මණ්ඩලය, පාරිභෝගික කටයුතු අධිකාරිය ඇතුළු ආයතන මෙම වැඩ සටහනේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වේ.

ජිනීවා හි ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය මේ සඳහා ප්‍රතිපාදන සපයමින් යුරෝ මිලියන 8ක් වෙන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්තවාදී සහරාන්ගේ අනුගාමිකයන් 7ක් පොලිස් භාරයට.

Mohamed Dilsad

යහපාලනය ආණ්ඩුව පාලනයක් සිදු කළේ නැහැ [VIDEO]

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය විවෘතයි

Mohamed Dilsad

Leave a Comment