ප්‍රමුඛ පුවත 1

ගුවන් හමුදාවට නව නිෂ්පාදන අංශ දෙකක්

(UTV|කොළඹ) – කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඉදිකරන ලද රබර් මිශ‍්‍ර කොහු මෙට්ට නිෂ්පාදන අංශය සහ ඉවතලන කඩදාසි ප‍්‍රතිචක‍්‍රීකරණ අංශය විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ඊයේ (25) කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සහ ස්ථාපිත කිරීමේ කටයුතු ගුවන් හමුදාධිපතිවරයාගේ පූර්ණ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා විධායක පර්යේෂණ හා සංවර්ධන නිළධාරී එයාර් කොමඩෝර් ජේ.පී. බාලසූරිය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු පර්යේෂණ හා සංවර්ධන අංශයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්.ඩබ්.සී.පී. බෝධිසීල විසින් සිදු කරන ලදී.

මෙම නිෂ්පාදන අංශයන් ස්ථාපිත කිරීම තුළින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අවශ්‍යතාවයන් සඳහා රබර් මිශ‍්‍ර කොහු මෙට්ට සහ කඩදාසි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි.

ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඒ එම් ද සොයිසා, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, කටුනායක ගුවන් හමුදා කඳවුරු ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති ඇතුළු පිරිස ඉන්දුනීසියාවේදී හරසරින් පිළිගනී

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

අයි.එස් සමග සබඳතා පවත්වන ලාංකිකයන් පස්දෙනෙකු ගැන ඉන්දියාවෙන් තොරතුරු

Mohamed Dilsad

Leave a Comment