ප්‍රමුඛ පුවත 1

අයි.එස් සමග සබඳතා පවත්වන ලාංකිකයන් පස්දෙනෙකු ගැන ඉන්දියාවෙන් තොරතුරු

(UTV| කොළඹ) – ඉන්දියාව විසින් අයි.එස් සංවිධානය සමග සබඳතා පවත්වන ලාංකිකයන් පස්දෙනෙකුගේ දුරකථන අංක ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකුගේ ඥාතීන් සමග සබඳතා පැවැත්වූ ඉන්දියානුවන් පිරිසකගේ දුරකථන ඇමතුම් විස්තරද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් මෙරටට ලබාදී ඇති බවයි.

අයි.එස් සංවිධානය සමග සම්බන්ධතා පවත්වන ඉන්දියානුවන් මෙම පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධදැයි සෙවීමට එරට විශේෂ විමර්ශන කණ්ඩායමක් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබුනේය.

ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර ඇත්තේ තවත් තොරතුරු රැසක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකා බළධාරීන්ට යොමු කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසල්වල දරුවන්ට තවත් වවුචරයක්

Mohamed Dilsad

අදුරු කළ වීදුරු සහිත වාහන අල්ලන්න අද සිට පොලිස් මෙහෙයුම්

Mohamed Dilsad

කැබ් රියක අලියෙක් ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට.

Mohamed Dilsad

Leave a Comment