ප්‍රමුඛ පුවත 1

ඡන්ද දැන්වීම් පත්‍රිකා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(UTV|කොළඹ) – පුදුකුඩිඉරුප්පු, තේරාවිල්  ප්‍රදේශයේ නිවසක තිබී නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් සොයාගෙන තිබේ.
පුදුකුඩිඉරුප්පු පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවලදී අදාළ නිවසේ තිබී නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා 288ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
සිද්ධියට අදාළව එම නිවසේ හිමිකරු සහ තැපැල් බෙදූ නිළධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තේරාවිල් හා විශ්වමඩු ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර පුදුකුඩිඉරුප්පු පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කැබිනට් රැස්වීමේදී ඇතිවූ උණුසුම් තත්ත්වය

Mohamed Dilsad

ජනප්‍රිය ගායක රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

වතුකරයට එන මෝඩි නිසා වෘත්තිය සමිති නායකයින් අතර ගැටුම්

Mohamed Dilsad

Leave a Comment