ප්‍රමුඛ පුවත 1

2018 පාපන්දු ලෝක කුසලානය ජනපතිට පිළිගන්වයි

(UTV|කොළඹ)  – ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය ඊයේ ශී‍්‍ර ලංකාවට රැගෙන එනු ලැබූ අතර, එය ඊයේ (24) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විණි.

ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 54ක මහජන ප‍්‍රදර්ශනය සඳහා රැගෙන යන චාරිකාව් ප‍්‍රථම ගමනාන්තය ලෙස කුසලානය ශී‍්‍ර ලංකාවට රැගෙන එම විශේෂත්වයක් වන අතර මෙලෙස පාපන්දු ලෝක ශූරතාවයක කුසලානයක් ශ‍්‍රී ලංකාවට රැගෙන ආවේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.

ශී‍්‍ර ලංකාවට අමතරව මෙම කුසලානය ආසියාව තුළ රැගෙන යාමට නියමිතව ඇත්තේ පකිස්ථානයට සහ මාලදිවයිනට පමණක් බවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.

ඒ අනුව ඊයේ දිනයේදී විශේෂ ගුවන් යානයකින් කුසලානය ශී‍්‍ර ලංකාවට රැගෙන ආ අතර ශී‍්‍ර ලාංකික පාපන්දු කී‍්‍රඩාලෝලීන්ට පාපන්දු ලෝක කුසලානය සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාකරමින් අද දිනයේ දී පාපන්දු කුසලානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මහජන ප‍්‍රදර්ශනය සඳහා තැබෙනු ඇත.

අද පෙරවරුවේ කුසලානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාවට කි‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා යන මහත්වරුන් සහ ශී‍්‍ර ලංකාවේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් මෙන්ම 1998 වසරේ ලෝක කුසලානය දිනු ප‍්‍රංශ පාපන්දු කණ්ඩාමේ සාමාජිකයින් ද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කළු, කැලණි, ගිං, ගංගා පිටාර ගලයි; පහත් බිම් ජනයා ඉවත් කෙරේ

Mohamed Dilsad

ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

මංතීරු නීතිය කඩකළ අයට රු 2,000 ක දඩයක්

Mohamed Dilsad

Leave a Comment