ප්‍රමුඛ පුවත 1

බෙංගමුවේ නාලක හිමියන් ඇතුලු 7දෙනෙකු නිදහස්

(උදයම්,කොළඹ)  –  පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේලා 5 නමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට එරෙහිව කොටුව පොලිසිය පවරා තිබු නඩුවෙන් සියලු සැකකරුවෝ නිදහස් කෙරෙති.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද මෙම නියෝගය ලබා දෙන ලදී.

අද නඩුව කැදවු අවස්ථාවේදී මීට අදාළ සැකකරුවන් නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කලේ පොලිසිය නිසි වගන්ති යටතේ නඩු පවරා නොමැති බවය.

එබැවින් නිසි වගන්ති යටතේ මේ සම්බන්ධයෙන් නඩු පවරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලිසියට පවසා තිබේ.

පසුගිය නොවැම්බර් මස 7 වනදා ආබාධිත රණවිරුවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වු විරෝධතාවයේදී මහජන පීඩාව ඇතිවන අයුරින් කටයුතු කිරීම සහ පොදු දේපළ හානි කිරීමේ චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

Related posts

විශේෂ තේරීම් කාරක සභාවට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්.

Mohamed Dilsad

ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය අදයි- පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩ පිළිවෙලක්

Mohamed Dilsad

ගිලන් රථ රියදුරු වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment