ප්‍රමුඛ පුවත 1

මාර්ග කිහිපයක අද විශේෂ රථ වාහන සැළැස්මක්

(UTV|කොළඹ) – සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම හේතුවෙන් අද (22) මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.

ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹ – කොටුව මැදපාර දක්වා ගමන් ගන්නා මාර්ග, පස්වරුවේ ගමනාගමන කටයුතු සඳහා සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

කැළනි පාලම, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත හන්දිය, බොරැල්ල හන්දිය, ඩී .එස්. සේනානායක මංසන්ධිය, මල් පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ගාලු මුවදොර වටරවුම, ගාලු මුවදොර මැද පාර දක්වා මෙලෙස ගමනාගමනය සීමා කෙරෙනු ඇත.

අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලූ ලූන්ග් මේ මස 24 වනදා පාර්ලිමේන්තුව වෙත යාමටද නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රත්ගම සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

Mohamed Dilsad

කතුරු පහරින් බිරිඳ මැරූ සැමියෙක්

Mohamed Dilsad

ගෝඨාභයගෙන් ප්‍රශ්න කිරීමට ගත් උත්සහයක් වරදී

Mohamed Dilsad

Leave a Comment