Trending News

බැඳුම්කර ගණුදෙනුව හරහා නීත්‍යානුකූල නොවන ලෙස උපයාගත් දේපළ තහනම් කිරීමට නීතිපති අවධානය

(UTV|කොළඹ) – පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම, ඊට අනුබද්ධ සමාගම්වල සහ වෙනත් තැනැත්තන් විසින් බැඳුම්කර ගණුදෙනුව හරහා නීත්‍යානුකූල නොවන ලෙස උපයාගත් දේපළ තහනම් කිරීමට නීතිපතිවරයාගේ අවධානය යොමු වෙයි.

ඒ, බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන් හි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධීපති කාර්යාලයේදී ඊයේ පැවති සාකච්ඡාවකදියි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

ඊට නීතිපති, මහ බැංකු අධිපතිවරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

බැඳුම්කර කොමිසමේ වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ සිදුකර ඇති අපරාධවලට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට, රජයට සිදුව ඇති අලාභය පියවා ගැනීමට සහ මෙම අපරාධයට සම්බන්ධ රජයේ සේවකයන්ට විනය පියවර ගැනීමට අවශ්‍ය බවය.

බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණ වූ කරුණුවලින් වැඩිමනත් වරදවල් අනාවරණ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවටද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ஸ்ரீ லங்கா சுதந்திர கட்சியை பாதுகாக்கும் அமைப்பின் மாநாடு இன்று

Mohamed Dilsad

Interviews commence to fill Principal vacancies

Mohamed Dilsad

Luke Wilson Onboard “Zombieland” Sequel

Mohamed Dilsad

Leave a Comment