ප්‍රමුඛ පුවත 1

බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත

(UTV|කොළඹ) – බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව අද (17) පෙ.ව. 11.18ට පමණ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,  ඉඩම් ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ  මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙම වාර්තා භාර දී ඇත.

බැදුම්කර ගනුදෙනුවට අදාළ කොමිෂන් වාර්තාවෙහි පිටපත් 26ක් (ඉංග්‍රීසි)  සහ එහි සංක්ෂිප්ත වාර්තාවක් ද  සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද මෙහිදී මහලේකම්වරයා වෙත භාරදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අපරාධ රැල්ල මැඩීමට විශේෂ කාර්යය බලකා සහාය

Mohamed Dilsad

මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ සැකකරුවන් නැවතත් රිමාන්ඩ් [VIDEO]

Mohamed Dilsad

නේවි සම්පත් ලබන 27 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරට .

Mohamed Dilsad

Leave a Comment