ප්‍රමුඛ පුවත 1

බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන් කිරීමට සැලසුම්

(UTV|කොළඹ) – බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන් කිරීමට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මහජනතාව සතු ඉඩම් නිරවුල් කොට ඒවායේ අයිතිය ඔවුන්ට තහවුරු කරදීම සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් අරඹා ඇති වැඩපිළිවෙළ යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මේ සඳහා අමෙරිකානු සමාගමක තාක්ෂණය සහ රජයේ හා පෞද්ගලික අංශයේ මිනින්දෝරුවන්ගේ සහාය ද ලබාගෙන ඇති බව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා නවීනතම මැණුම් උපකරණ සහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මෙම මැණුම් කටයුතු සිදු කෙරේ.
ඒ සඳහා GPS තාක්ෂණ කුළුණු 41ක් රටපුරා ඉදිකෙරෙන අතර ඉන් කුළුණු 6ක් කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, කටාන සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල මේ වනවිටත් පිහිටුවා ඇත.
මෙම වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ බිම් කොටස් ලක්ෂ 25ක් සහ දිවයිනේ සෙසු පළාත් වල බිම් කොටස් ලක්ෂ 11ක මැණුම් කටයුතු සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මිනුවන්ගොඩ සිද්ධියට අදාල තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ඇමති ධුර බෙදී ගිය ආකාරය ජනපති පහදයි[PHOTO]

Mohamed Dilsad

ගෑස් මිල 190 කින් ඉහළට- කිරිපිටි මිල 25 කින් පහළට

Mohamed Dilsad

Leave a Comment