Trending News

පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානීයා හමුදාපතිවරයා හමුවෙයි

(UTV|කොළඹ)  – ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) මහතා සුහද සංචාරයක් සඳහා ඊයේ (15) දින සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවට පැමිණියහ.

දින තුනක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්,  අග්‍රාමාත්‍යතුමන්,  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික සහ ගුවන් හමුදාපතිවරුන් හමුවීමට නියමිතය.

මෙම සංචාරක දුත පිරිසට ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) සහ එම මැතිණිය අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය (Mrs Ayesha Amjad Begum) සමගින් පකිස්තානු
යුද්ධ හමුදාධිපති පුද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ඉෆ්තිකාර් හසන් චොහාඩරි (Brigadier Iftikar Hassan Chauhadary), නෂීයා ඉෆ්තිකර් බේගම් මහත්මිය (Mrs Nazia Iftikhar), පකිස්තානු හමුදාධිපති අධි සහායක ලුතිනන් කර්නල් අෂිෆ් හෂ්මාට් (Lieutenant Colonel Asif Hashmat) සහ කපිතන් කශාන් සයීඩ් (Captain Kashan Saeeed) ද එක්ව සිටියහ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හි සභාපතිනි චන්ද්‍රිකා
සේනානායක  මහත්මිය විසින් ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) මහතා  සහ අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය (Mrs Ayesha Amjad Begum) ඇතුළු සංචාරක හමුදා දුත පිරිස
උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානයේ දී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා මහතා වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් අද (16) දින පිරිනැමීමට නියමිත අතර, යුද්ධ හමුදාධිපති කාර්යාලයේ
දී යුද්ධ හමුදාධිපතිතුමන් ද හමුවීමට නියමිතය. මීට අමතරව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Rs 1.5 billion investment for Drug manufacturing plant – Min. Rajitha Senarathna

Mohamed Dilsad

Postal facility allowance for Parliamentarians, Provincial Councillors increased

Mohamed Dilsad

தேர்தல் கட்டுப்பணம் செலுத்துவதில் புதிய திட்டம்

Mohamed Dilsad

Leave a Comment