Trending News

අද වෙනස් වන කාලගුණ තත්ත්වය

(UTV|කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට පස්වරු දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් (මි.මි.50 වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

සෙසු පළාත්වල තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ  හැකි බව සඳහන්ය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Evening thundershowers expected

Mohamed Dilsad

தொடர்ச்சியான கைது அதிருப்தியளிக்கிறது – தமிழக முதல்வர்

Mohamed Dilsad

“No LPG price hike now,” Minister Rishad Bathiudeen assures

Mohamed Dilsad

Leave a Comment