ප්‍රමුඛ පුවත 1

දිවුලපිටිය පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

(UTV|කොළඹ)  –  දිවුලපිටිය පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙනි.

ඊයේ (02) අත්අඩංගුවට ගත් මොහු මේ වනවිට මීගමුව අධිකරණය වෙත රැගෙනවිත් ඇති බව පොලිසිය පවසයි.

2017 වසරේ ඔක්තෝම්බර් 02 දෙවනදා සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ දිවුලපිටිය,හුණුමුල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරුව,ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, එහිදීයි ඔහු මියගොස් තිබුණේ.

සිරුර අභ්‍යන්තරයේ වූ තුවාල නිසා මෙම මරණය සිදුවූ බවට පසුව හෙළිවිය .

මීට පෙර දිවුලපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2019 ජනාධිපතිවරණයට අදාළ මුලික කටයුතු ඇරඹේ – ජා.මැ.කො.ස

Mohamed Dilsad

ශ්‍රීපාද වන්දනාකරුවන්ට පොලිසියෙන් උපදෙස්

Mohamed Dilsad

ගෝඨාභයගේ පවුලේ කිසිවෙකුටවත් මෙරට ඡන්දයක් නොමැත [VIDEO]

Mohamed Dilsad

Leave a Comment