ප්‍රමුඛ පුවත 1

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට ගියා නම් සාමාජිකත්වය අහෝසී – ශ්‍රීලනිපය කියයි

(UTV|කොළඹ) – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ (02) දිනයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලද සමුළුමට සහභාගී වූ සියළු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුනගේ පක්‍ෂ සාමාජිකත්වය අහොසි කිරීමට ඇති හැකියාව සමබ්න්ධයෙන් සොයා බැලීමට එම පක්‍ෂය තීරණය කරයි.

ඉන් අනතුරව අධිකරණ ක‍්‍රියාමාර්ග මගින් ඔවුනගේ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයන්ද අහෝසි කිරීමට එම පක්‍ෂය විසින් සාකච්චා කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ද විපක්‍සයේ මන්ත‍්‍රිවරුන් 53 දෙනෙකු ඊයේ සමුළුවට සහභාගී වූ අතර ඉන් 40ක් පමන ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරු වෙති.

ශ‍්‍රීලනිප සාමාජිකයෙක් වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධනය කරන්නේ නම් ඔවුන් පක්‍ෂයෙන් හා මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කල යුතු බව ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව විසින්ද තීරණය කර ඇත.

මෑතකදී ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලන්සා පමණක් ඊයේ සමුළුවට සහභාගී නොවූ බවද වාර්තාවේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/DSC_0403-1.jpg”]

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මීල සුත්‍රයට අනුව ඉන්ධන මීල වැඩි වෙයි !

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

Mohamed Dilsad

අද දිවුරුම් දුන් අමාත්‍යාංශ ලේකම්වරු

Mohamed Dilsad

Leave a Comment