ප්‍රමුඛ පුවත 1

පේරාදෙණිය සරසවි සිසුන් අටදෙනෙකු රිමාන්ඩ්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය 18 වැනිදා අදාළ පහරදීම සිදුකර තිබු අතර සිද්ධියට අදාළව පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ති‍‍‍බේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී පහරදීමට සම්බන්ධ බවට සැකපිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී .

මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ බව පේරාදෙණිය පොලීසිය සඳහන් කරයි.

Related posts

මන්නාරම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිසිවාරය අද

Mohamed Dilsad

අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරයි [VIDEO]

Mohamed Dilsad

සිරිපා වන්දනා සමය උඳුවප් පෝ දිනයෙන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment