Trending News

උසස් පෙළ ප්‍ර‍තිඵල නිකුත් වෙයි

(UTV|කොළඹ) – 2017 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර් ජාලයට මුදා හැර තිබේ.

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 15,227ක් වන අතර ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය පේදුරුතුඩුව හාර්ඞ්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාරකන් සිසුවා විසින් හිමි කරගෙන ඇත.

ජීව විද්‍යා හා වාණිජ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර සුජාතා විද්‍යාලයයි.

දිලිනි සඳුනිකා පලිහක්කාර සිසුවිය විසින් ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත. වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය ලබාගත්තේ  දුලානි රසන්තිකා සිසුවිය විසිනි.

කලා අංශයේ ප්‍රථම ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ පූජ්‍ය පත්බේරිය මුනින්දවංශ හිමියන් විසින් හිමි කරගත්හ.

පොදු විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග සිසුවිය ලබා ගත්තාය.

ඉංජිනේරු තාක්ෂණවේදයේ දිවයිනේ ප්‍රථම ස්ථානය මාතර – මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි සිසුවිය විසින් ලබාගෙන ඇති අතර, ජෛව පද්ධති තාක්ෂණ වේදයේ ප්‍රථම ස්ථානය රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම සිසුවාට හිමි විය.

ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/2017-A-L-RESULTS-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/2017-A-L-RESULTS-02.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

25ம் திகதி வரை விஷேட பஸ் சேவை

Mohamed Dilsad

இலங்கை கிரிக்கெட் அணியின் படுதோல்விக்கு அமைச்சர் பைஸர் முஸ்தபாவே பொறுப்பு?

Mohamed Dilsad

Necessary Measures for Private Hospital’s Price Regulation Completed- Rajitha

Mohamed Dilsad

Leave a Comment