Trending News

අත්‍යාවශ්‍ය ආහාර 7 ක් සඳහා පාලන මිලක්

(UTV|කොළඹ)  – මෙම උත්සව සමයේදී අත්‍යාවශ්‍ය ආහාර 7 ක් සඳහා පාලන මිලක් දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ සියළු සුපිරි වෙළෙඳසල්වලද මෙම මිල පාලනය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව සහල්, ලොකු ළූණු, සීනි, අර්තාපල්, ටින් මාළු, පරිප්පු හා ඉස්සන් මත මෙම නව පාලන මිල ක්‍රියාත්මක වේ.

මෙම මිල ගණන් 2018 වසර වන තෙක් ක්‍රියාත්මක විය යුතු බව ජීවන වියදම් කමිටුව විසින් සතොස අලෙවිහල් සහ සුපිරි වෙළඳසැල් වෙත දැනුම් දී ඇත.

මීට අමතරව පාලන මිලට වඩා ඉහළ මිලක් යටතේ අලෙවි කරන සියලුම වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අධිකාරිය වෙත උපදෙස් ලබා දී ඇති අතර එම වෙළඳුන්ට එරෙහිව ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැක.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

St. Joseph’s and Thurstan record second wins

Mohamed Dilsad

ராஜிதவின் முன்பிணை மனுவை விசாரிக்க திகதி குறிப்பு

Mohamed Dilsad

Sri Lanka beat South Africa, 5th ODI as it happened [VIDEO]

Mohamed Dilsad

Leave a Comment