ප්‍රමුඛ පුවත 1

මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම අදයි

(UTV|කොළඹ) – මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අද (26) පැවැත්වෙයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී මාධ්‍ය අවභාවිතාව වැළැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන ගැසට් නිවේදනයේ සඳහන් කරුණු බලාත්මක කිරීම පිළිබඳව මාධ්‍ය ආයතන නියෝජිතයන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතාගේ සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන වික්‍රමසිංහ ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 10.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාමසාන් දිනයට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

නව ස්‌මාර්ට්‌ හැඳුනුම්පත මැයි මාසයේ සිට නිකුත් කෙරෙන ලකුණු

Mohamed Dilsad

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත විරෝධය පෑ රැඳවියන් ගැන පියවරක් ගන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment