ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද අයදුම්පත් 22දාට පෙර භාර දෙන්න

(UTV|කොළඹ) – පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ ලබන 22 දා අවසන් වන බැවින් එදින හෝ ඊට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ලබන 22 වැනි දින මධ්‍ය රාත්‍රී 12.00 වන විට සියලු තැපැල් ඡන්ද අයදුම්පත් මැතිවරණ කාර්යාලවලට ලැබී තිබියුතු අතර තැපැල් මගින් අයදුම් පත් එවීමෙන් ඇති වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ළඟම ඇති මැතිවරණ කාර්යාලය එම අයදුම්පත් භාර දිය හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

 

ඒ අනුව ලබන 23 වැනි දින තැපැල් මගින් ලැබෙන අයදුම්පත් භාර නොගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

අයවැය දෙවනවර ඡන්ද විමසීම අද

Mohamed Dilsad

දුම්කොළ සහ මධ්‍යසාර තොගයක් ගුවන්තොටුපලේදී අල්ලයි

Mohamed Dilsad

Leave a Comment