ප්‍රමුඛ පුවත 1

ජනපති සහ මැලේසියා අගමැති අතර නිල හමුවක්

(UTV|කොළඹ) – තෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අතර නිල හමුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මැලේසියා අග්‍රාමාත්‍යවරයා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භකර වසර හැටක් සපිරීම සමරමින් මැලේසියා අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවන අතර, දෙරටේ මිත්‍රත්වය විදහා දක්වමින් මැලේසියා අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් කෙටි උත්සවයක් ද ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.

නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/4.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/5.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/7.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/9.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/10.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/11.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/12.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/13.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

යාන්ත්‍රික කියත් ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් කෙරේ

Mohamed Dilsad

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment