ප්‍රමුඛ පුවත 1

උදෑසන පැවතී ඝන මීදුමට හේතුව කියයි

(UTV|කොළඹ) – අද උදෑසන බොහෝ ප්‍රදේශ වලට ඝන මීදුම් තත්ත්වයක් පැවති බව අප වාර්තාකරුවෝ පවසති.

මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සඳහන් කළේ මීදුම ඇතිවීමට අවශ්‍ය වතාවරණයක් අද අලුයම පැවති බවයි.

සාමාන්‍යයෙන් පරිසර උෂ්ණත්වය තුෂාර අංකයට සමාන වීමෙන් මීදුම හට ගනී.

ඊට අමතරව වලාකුළු අවම මට්ටමක පැවතීම , ඒ නිසා පරිසර උෂ්ණත්වය කැපී පෙනෙන ලෙස අඩු වීම මෙයට හේතුවන බව කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා පැවසීය.

එමෙන්ම, වැසි සහිත කාලගුණය නිසා වායුගෝලයේ ජල වාෂ්ප මට්ටම ඉහළ යාමෙන් ආර්ද්‍රවතාව ඉහළ මට්ටමක පැවතුණි.

මෙම තත්ත්වය නිසා බොහෝ ප්‍රදේශ වලට අද උදෑසන ඝන මීදුම් තත්ත්වයක් පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පැහැය වෙනස් කළ පරිප්පු තොගයක් සොයා ගැනේ [VIDEO]

Mohamed Dilsad

නිසි කළමනාකරණයකින් මුහුදු සම්පත නෙළා ගත යුතුයි- ධීවර අමාත්‍ය

Mohamed Dilsad

ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment