ප්‍රමුඛ පුවත 1

බිළි පූජා තහනමට එරෙහිව පෙත්සම් දෙකක්

(UTV|කොළඹ) –  යාපනය අර්ධද්වීපය තුළ බිළි පූජා පැවැත්වීම තහනම් කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව ඊයේ(12) පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.

යාපනය මහාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ යාපනයේ කෝවිල් දෙකක භාරකාර මණ්ඩල විසිනි.

බිළි පූජා පැවැත්වීම තහනම් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා පසුගියදා තීන්දුවක් ලබා දුන්නේය.

වසර ගණනාවක සිට පැවතෙන ආගමික සම්ප්‍රදායක් මෙම නඩු තීන්දුව මගින් අත්හිටුවා තිබීම නිසා බිළි පූජා ලබාදෙන බැතිමතුන් මානසික බිඳ වැටීමකට ලක්ව ඇති බව මෙම පෙත්සම් මගින් පෙන්වා දී තිබේ.

නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

පූජ්‍ය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමි අපවත් වෙති

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී සහ ජනපති අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

Leave a Comment