ප්‍රමුඛ පුවත 1

දළ පුට්ටුවාගේ දළ යුගළ සහ ගජමුතු කොළඹට ගෙනඒමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

(UTV|කොළඹ) – ඝාතනයට ලක් වූ ගල්ගමුවේ දළ පුට්ටුවා හස්ථියාගේ දළ යුගළ සහ ගජමුතු වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන යාමට අවසර දෙන්නැයි සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය හා එක්ව ජාතික  සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා මෝසමක් මඟින් ඊයේ අධිකරණයෙන් කළ ඉල්ලීම මහව අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ.
ඇත් දළ යුගළ සහ ගජමුතු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අධිකරණය තුළ සිදුකිරීමට නොහැකි බැවින් එම ඇත් දළ සහ ගජමුතු  කොළඹට රැගෙන ගොස් තක්සේරු වාර්තාවක් ලබා ගැනීම සඳහා ඒවා කොළඹට රැගෙන යාමට අවසර ලබාදෙන ලෙස  සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා පසුගියදා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.
අදාළ ඉල්ලීම සලකා බැලූ මහව මහේස්ත්‍රාවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්ගෙන යා හැක්කේ පරිවේෂණීය සාක්ෂි මත පමණක් බැවින් එම සාක්ෂි රදා පවතින්නේ ඇත් දළ යුගළ සහ ගජමුතු මත පමණක් බවයි.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඝාතන සිද්ධියට අදාළ සියලු පරික්ෂණ කටයුතු තමන් වෙත පවරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසයි නිකවැරටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාට අධිකරණය නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළව නඩු විභාගය අද දිනයේ කැඳවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩුක්

Mohamed Dilsad

වෛද්‍ය පීඨ සිසුන් අද සිට අධ්‍යයන කටයුතුවල

Mohamed Dilsad

ලෝක ආහාර දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment