ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ආයතන 14කට නාම යෝජනා භාරදී අවසන්

(UTV|කොළඹ) –  පාලන ආයතන 14ක් සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා භාරදී අවසන් බව වාර්තාවේ.
ඊයේ(11) දිනය තුළ මෙලෙස නාමයෝජනා බාර දී ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාර දී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය සභාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා බාර දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල නගර සභාව, වත්තල මාබෝල නගර සභාව සහ වත්තල ප්‍රිදේශීය සභාව සඳහාත් නාමයෝජනා බාර දී ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මහ නගර සභාව, හපුතලේ නගර සභාව, ලුණුගල ප්‍රාදේශීය සභාව, හල්දුමුල්ල ප්‍රාදේශීය සභාව සහ බදුල්ල ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නාමයෝජනා බාර දී තිබේ.
ඊට අමතරව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රීකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභාව, කින්නියා ප්‍රාදේශීය සභාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද නාමයෝජනා බාර දී තිබේ.
ඊයේ(11)  දිනයේ නාමයෝජනා බාරගැනීම ආරම්භ වු පළාත් පාලන ආයතන  93 සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 14 වන දින මධ්‍යහන 12.00 දක්වා සිදුකරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝටි 03 ක් වටිනා වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක්

Mohamed Dilsad

ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment