ප්‍රමුඛ පුවත 1

ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්

UTV | COLOMBO – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ නිව්යෝර්ක් නුවරදීයි.

මැලේසියා අග්‍රාමාත්‍යවරයා මෙහිදි සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් ඉතා උනන්දුවකින් කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීම සඳහා ඕනෑම සහයක් ලබාදීමට සුදානම් බව ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.

මහනගර සංවර්ධන වැඩසටහන යටතේ පැල්පත්වාසීන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමට ගෙන යන වැඩපිළිවෙලට උපරිම සහය ලබාදෙන බවට ද මහතීර් මොහොමඩ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ සහතික වී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මැලේසියාව කෙරෙහි දක්වන සුහදශීලීත්වය ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

Related posts

බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමඟ විදේශිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ජනාධිපතිවරණ අපේක්ෂකයනගේ විශේෂ හමුවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment