ප්‍රමුඛ පුවත 1

විදෙස් මුදල් තොගයක් සමඟ විදේශිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ චීන සහ නේපාල ජාතිකයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (17) අලුයම 5.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබු විදෙස් මුදල් වල වටිනාකම රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ විසි හතර දහසක් බව රේගුව පවසයි.

මෙම සැකකරුවන් අතර සිටින චීන ජාතිකයන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 33 පසුවන අතර නේපාල ජාතිකයන් දෙදෙනා අවුරුදු 20 සහ 25 යන වයස් වල පසුවෙයි.

මෙම මුදල් තොගය මෙම සිව් දෙනා ශ්‍රී ලංකාවේ කැසිනෝ ක්‍රීඩාව සදහා පැමිණ , එයින් ජයග්‍රහණය කළ මුදල් තොගයක් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

හැඳුනුම්පත් ඉල්ලූම් කළ හැකි කාලය අවසන් වේ

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශවල තද වැසි

Mohamed Dilsad

Leave a Comment