Trending News

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

(UTV|කොළඹ) – දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බැවින් අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් කරයී.

මෙවර විභාගයට මුහුණ දෙන සියලූම සිසුන් විභාග නීති රීති වලට අනුව කටයුතු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සියලුම විභාග අපේක්ෂකයින්ගේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ දුම්රිය ප්‍රවාහන ගැටළු මතු වන්නේ නම්, තම දරුවා කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට යොමු කරන ලෙසටයි.

මේ අතර, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ ගමන් පහසුව සැලසීමට ‘සිසු සැරිය’ බස් රථ සේවාවේ බස් රථ 750ක් පමණ යෙදවීමට ද ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත.

මධ්‍යස්ථාන 5116කදී මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ. ඒ සඳහා අපේක්ෂකයින් 6, 88,573 දෙනෙක් පෙනී සිටිති.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Syria conflict: War of words as peace talks open in Astana – [Images]

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීනියගේ, විදුහල්පති සැමියා හෙරොයින් කිලෝවක් සමග අත්අඩංගුවට

Editor O

West Indies beat Afghanistan by 23 runs

Mohamed Dilsad

Leave a Comment