ප්‍රමුඛ පුවත 1

ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අදයි

(UTV|කොළඹ) – අද දිනනය “ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය” ලෙස නම් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ රටේ සියලු පාසල් සම්බන්ධ කරගනිමින් දීප ව්‍යාප්ත මට්ටමින් පාසල් ප්‍රජාව දැනුවත් කිරීම මෙහි අරමුණ බවයි.
“සදා සුරකිමු දැයේ දරුවන්”යන තේමාව යටතේ පසුගිය ඔක්තෝබර් මස පළමු වන දින හදුන්වාදුන් ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරන වැඩසටහන පිළිබඳව පාසල් සිසුන්, දෙමාපියන් ඇතුලු පාසල් පාදක ප්‍රජාව දැනුවත් කිරීම මෙහි අරමුණයි.
මෙම වැඩසටහනට අනුව අද දිනය තුළ පාසල් තුළ අත්පත්ත්‍රිකා බෙදා හැරීම මෙන්ම දැනුවත් කිරීමේ දේශන ද පැවැත්වීමට නියමිතය.
මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය උද උදෑසන නුගේගොඩ අනුලා විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
දිවයිනේ සියළුම පාසල් වල උදෑසන 8.08ට මෙම ජාතික සැමරුම් උත්සවය පැවැත්වීමට සැළසුම් කර තිබේ.
සම්පූර්ණයෙන් ම නොමිලේ ලබාදෙන මෙම රක්ෂණාවරණය සඳහා රජය රුපියල් බිලියන 05කට ආසන්න මුදලක් වැය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දකුණු පළාතට දෙමළ භාෂා ගුරුවරුන් 314ක්.

Mohamed Dilsad

ගල්කිස්සේ නිවසක් හදිසි පරීක්‍ෂාවට

Mohamed Dilsad

බන්ධනාගාර වලට අද සිට STF ආරක්‍ෂාව

Mohamed Dilsad

Leave a Comment