ප්‍රමුඛ පුවත 1

හදිසි ආපදාවකදී ඇමතීමට ක්ෂණික දුරකතන අංකයක්

(UTV|කොළඹ) – ආපදාවක් සිදුවුවහොත් කඩිනමින් ඒ පිළිබඳ දැනුම් දීමට ස්වදේශ කටයතු අමාත්‍යාංශය විසින් 1902 හදිසි ඇමතුම් අංකය ලබා දී ඇත. මෙම අංකයට ඇමතීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට තම ආපදාව පිළිබඳ තොරතුරු ලබාදීමට හැකියාව ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කරයි.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හදිසි ආපදාව හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සේවා සපයන ලෙසත් වැසි සමග ගංවතුර තත්ත්වයක් ද ඇතිවිය හැකි බැවින් ඒ සඳහා සූදානම්ව සිටින ලෙසත් සියලු ම දිස්ත්‍රික් ලේකම්වරු මගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
සිදු වූ හානි සහ විපත් වෙනුවෙන් රජයක් ලෙස උපරිම සහන සහ වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් උපදෙස් ලබා දී ඇතැයි ද යම් හානියක් තම නිවසට හෝ දේපළවලට සිදුව තිබෙනවානම් තම වසමේ ග්‍රාම නිලධාරීවරයාට ඒ බව හැකි ඉක්මණින් වාර්තා කරන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් අංකයවන 1902 අංකයටත් මේ හානි පිළිබඳ දැනුම්දීමේ අවස්ථාව තිබෙන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
තවදුරටත් අයහපත් කාලගුණ තත්ත්වය දිවයින පුරාම පවතින බැවින් ආරක්ෂාකාරීව නිවසට වී සිටින්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා  මෙවැනි විපතක් වළක්වා ගැනීම අපසු බැවින්  ජීවිත ආරක්ෂා කරගැනීමට ඒ ගැන දැඩි අවධානයක් යොමුකර පිටතට නොගොස් හැකිතාක් නිවසේ ම රැඳී සිටීම සුදුසු බව ද ආපදා කළමනාකරණ අංශ දැනුම් දී තිබෙන බවත් දැනුම් දෙයි.

Related posts

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැඳවයි.

Mohamed Dilsad

ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය අතර සාකච්ඡා ඇරඹෙයි [PHOTOS]

Mohamed Dilsad

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment