විදෙස්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වීමට සුදානම්

(UTV|කොළඹ) – එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසි සැසි වාරයක් කැදවා තිබේ.

ඒ උතුරු කොරියාව නව දිගුදුර මිසයිලයක් අත්හදා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

සම්බාධක නොතකා උතුරු කොරියාව මෙලෙස න්‍යයෂ්ටික මිසයිල අත්හදා බැලීමේ වැඩසටහන් තවදුරටත් සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

උතුරු කොරියාව සමස්ත ලෝකයටම තර්ජනයක් වී ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්  ප්‍රකාශ කළේය.

උතුරු කොරියාව පසුගිය ජුලි මාසයේ දී ද බැලිස්ටික් මිසයිල දෙකක් අත්හදා බලනු ලැබුවා.

අද අත්හදා බැලූ මෙම දිගුදුර මිසයිලය ප්‍රමාණයෙන් විශාලම දිගුදුර මිසයිලය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

ඇමරිකාවේ ⁣ ඛණිජ තෙල් පිරිපහදුවක ගින්නක්

Editor O

කොරෝනා නිසා මැතිවරණය කල් නොදමන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment