Trending News

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා කැඳවීම අද සිට

(UTV|කොළඹ) – පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීම අද (27) සිට සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

දැනට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවලට අදාළ නොවන පළාත් පාලන ආයතන 93ක් සඳහා අද  (27) සිට දින 14 ක කාලයක් තුළ නාම යෝජනා කැඳවීමට තමා තේරීම් භාර නිළධාරීන්ට හා සහකාර තේරීම් භාර නිළධාරීන්ට දන්වා යැවු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙරේදා (25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අධිකරණයේ පවතින නඩුවට අදාළ නොවන පළාත් පාලන ආයතන 133ක් තිබේ. එහෙත් පළාත් පාලන ඡන්ද විමසීමේ ගැසට් පත්‍රයේ පවතින දෝෂ නිසා පළාත් පාලන ආයතන 40ක් සඳහා ඡන්ද දැන්වීම් මේ අවස්ථාවේ නිකුත් කළ නොහැකි බව ද ඒ මහතා පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

Finland notes steps taken by Sri Lanka to strengthen democratic institutions

Mohamed Dilsad

பேலியகொடை நுகே வீதியில் தீ விபத்து

Mohamed Dilsad

மலேரியாவுக்கான உலகின் முதல் தடுப்பூசியை பரிசோதனை இன்று

Mohamed Dilsad

Leave a Comment