Trending News

ඊජිප්තු ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා රජයේ කණගාටුව

(UTV|කොළඹ) – ඊජිප්තුවේ සිනායි ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට එල්ලවූ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය දැඩි ලෙස හෙලා දැක තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ සිනායි ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට එල්ලවූ ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයින්ගේ පවුල් වෙත සියළු ශ්‍රී ලාංකිකන්ගේ ශෝකය පල කරන බවය.

ඊජිප්තුවේ දේවස්ථානයක දේව මෙහෙය අතරතුර එල්ලවු සන්නද්ධ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 235 ක් දක්වා ඉහළගොස් තිබේ.

මෙම ප්‍රහාරය එල්ලවු දේවස්ථානය පිහිටි උතුරු සිනායි ප්‍රාන්තය IS කැරලි කරුවන් ක්‍රියාකාරී ප්‍රදේශයක් ලෙසට සැලකේ.

නමුත් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැත.

Related posts

அரசாங்கத்தின் தீர்மானம் எடுக்கும் அதிகாரம் மஹிந்தவுக்கு வழங்கப்பட வேண்டும்

Mohamed Dilsad

முட்டை இறக்குமதி செய்யும் தேவையில்லை

Mohamed Dilsad

தெல்தெனிய கொலை சம்பவம் – சந்தேக நபர்களது விளக்கமறியல் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment