විදෙස්

පිලිපීනයේ බන්ධනාගරයකින් රැදවියන් 150 ක් පලායති.

(උදයම්, පිලිපින් ) –
පිලිපීනයේ දකුණු ප්‍රදේශයේදී බන්ධනාගරයකින් රැදවියන් 150 දෙනෙකු පලාගොස් තිබේ.

මෙලෙස පලාගොස් ඇත්තේ අන්තවාදී සංවිධානයකට අයත් රැදවියන් පිරිසක් බවට මේ වන විට හෙලිව ඇත.

මෙම බන්ධනාගාරයට නාදුනන පිරිසක් කඩා වැදී ප්‍රහාරයක් එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ප්‍රහාරය අතරතුර රැදවියන් රැසක් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පිලිපීන ආරක්ෂක අංශ පවසන්නේ මෙම නාදුනන තුවක්කුකරුවන් පිරිස සැලසුම් සහගතව රැදවියන් සිරකදවුරෙන් ඉවත් කර ගැනීම සදහා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

Related posts

ඔරන්-ඔටන් ගහනය ලොවින් තුරන් වෙයිද?

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේදී සටන්කාමීන් 80ක් මරුට

Mohamed Dilsad

ජම්මු කාශ්මීරයට ස්වයං පාලන බලය අකැපද?

Mohamed Dilsad

Leave a Comment