Trending News

ඉන්දු – ලංකා අගමැති හමුව අද

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ සිව්දින නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතය.

එසේම අද නවදිල්ලි නුවර පැවත්වෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයටද අග්‍රාමාත්‍යවරයා සහභාගිවනු ඇත.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඊයේ නවදිල්ලි නුවරට ළඟාවූ අග්‍රාමාත්‍යවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සජේ වර්මා විසින් පිළිගනු ලැබීය.

එම අවස්ථාවේ ගුවන් තොටුපලේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබූ අතර, අග්‍රාමාත්‍යවරයා විශේෂ රිය පෙරහරකින් නවදිල්ලි නුවර ටාජ් පැලස් හෝටලය වෙත රැගෙන යන ලදී.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

 

Related posts

Russia explosion: Five confirmed dead in rocket blast

Mohamed Dilsad

“We worked, but they were not communicated to the people,” Minister Sagala Ratnayaka

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 76,000ක් පීඩාවට

Editor O

Leave a Comment