ප්‍රමුඛ පුවත 1

බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක්

(උදයම්,කොළඹ ) – මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කරයි.

ඒ අනුව ඉදිරි සතිය තුළදී එම කොමිසමට අදාල ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම කොමිසම විසින් මහා බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද පූර්ණ විමර්ශනයකින් අනතුරුව ඒ පිළිබදව ගතයුතු පියවර නිර්දේශ කරනු ඇත.

බැදුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ කෝප් කමිටුවේ වාර්තාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබද විශේෂ විවාදයක් හෙට (24) දිනය පුරා පාර්ලිමේන්තුවේදි පැවත්වීමට නියමිතය.

Related posts

ජුනි මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

රත්‍රන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අගමැති ඉවත්කර නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් – ඇමති සුසිල් කියයි

Mohamed Dilsad

Leave a Comment