ප්‍රමුඛ පුවත 1

2016 දී සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 35199ක් – ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියයි

(UTV|කොළඹ) – වසර 2016 දී සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 35199ක් බවත් අනතුරු හේතුවෙන් මරණ 201ක් සිදුව ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේ දී  වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

වසර 2014 දී සිදු වූ අනතුරු සංඛ්‍යාව 37966 ක් ද 2015 දී අනතුරු 38107ක් ද 2016 දී 39 199ක් ද සිදුව තිබේ. අනතුරු නිසා සිදු වූ මරණ 2016 දී 3017ක්, 2014 දී 2440ක්, 2015 දී මරණ 2816ක් සිදුව ඇති බවද අමාත්‍යවරයා කීය.

අනතුරුවලට බලාපා ඇති හේතු කවරේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අමත්‍යවරයාගෙන් විමසා සිටියේ ය. ඊට පිළිතුරුදුන් අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට හේතු ගණනාවක් බලපාන බවත් වාහනවල සංඛ්‍යාවේ වර්ධනය, මාර්ගවල තත්ත්වය, මෙන්ම ත්‍රීවීල් රථ මාර්ග අනතුරු සඳහා බලපා ඇති බව පැවසී ය.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

Related posts

තහනම් සංවිධානයක ශ්‍රී ලාංකිකයින් 4ක් බ්‍රිතාන්‍යයේදී පොලිස් භාරයට

Mohamed Dilsad

උදෑසන සහ රාත්‍රියේදී ඇතිවන ශීත කාළගුණය තවදුරටත්…

Mohamed Dilsad

ඡන්ද දායකයින් ලක්ෂ 3 කට තාවකාලික හැඳුනුම්පතක්

Mohamed Dilsad

Leave a Comment