ප්‍රමුඛ පුවත 1

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

(උදයම්,කොළඹ)  –  ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලියා බිෂොප්  මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
මෙම සංචාරයේ දී ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීමට ද නියමිතව ඇත. එමෙන් ම එහිදී දෙරට අතර ඩෙංගු රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.
හෙට (20) විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සමග පැවැත්වෙන උදෑසන රැස්වීම අතරතුර දී සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ද හමුවීමට නියමිතව ඇත.
එමෙන් ම ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරියගේ මෙම නිල සංචාරය අතරතුර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පිරිසක් හමුවීමට ද නියමිතව ඇත.

Related posts

මිල්හාන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් ඉවහල් වුනා – ඉන්ටපෝල්

Mohamed Dilsad

ගිනි අවියක් ක්‍රියාත්මක වී දරුවෙක් මරුට

Mohamed Dilsad

මිනිස් ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු පිරිසක් මලයාසියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment