ප්‍රමුඛ පුවත 1

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අත්හිටුවයි

(උදයම්,කොළඹ)   –  කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද (17) සිට සතියක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මැදවච්චිය සහ චෙඩ්ඩිකුළම අතර ප්‍රදේශයේ පැරණි පාලමක් ඉවත් කර නව පාලමක් සවි කිරීම ඊට හේතුවයි.

දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ ලබන 23 වනදා දක්වා දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමෙන බවය.

එම කාලය තුළ දුම්රිය ධාවනය සිදු වන්නේ කොළඹ කොටුවේ සිට මැදවච්චිය දක්වාත්, මැදවච්චියේ සිට කොළඹ කොටුව දක්වාත් පමණය.

මේ හේතුවෙන් මගී ජනතාවට සිදු වන අපහසුතා සලකා තලෙයිමන්නාරම සහ මැදවච්චිය අතර විශේෂ ලංගම බස් රථ සේවාවක් යෙදවීමට ද පියවර ගෙන ඇත.

Related posts

සයිටම් ගැටලුව විසඳීමට සකස් කල යෝජනා ජනපතිට

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කරයි…

Mohamed Dilsad

පාසලක් තුළ මත්පැන් පෙරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment