ප්‍රමුඛ පුවත 1

කොටහේන ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අඩාල වී ඇති ජල සැපයුම කඩිනමින් යතා තත්ත්වයට

(උදයම්,කොළඹ)  – කොටහේන ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අඩාල වී ඇති ජල සැපයුම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

බොහෝදුරට අද දිනය තුළ ජල සැපයුම යතා තත්ත්වයට පත් කල හැකි වෙතැයි බලධාරීන් සඳහන් කරයි.

පසුගිය බදාදා එම ප්‍රදේශයේ නව ජලනල එළිමේ ව්‍යාපෘතියක් අතරතුර ජලය සපයන ප්‍රධාන නල මාර්ගයට හානි සිදුව තිබුණි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් එම නලය අලුත්වැඩියා කිරීමේ කටයුතු අදාළ සමාගම මඟින් අලුත්වැඩියා කරමින් සිටින බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එම ජලනලයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් කොටහේන ප්‍රදේශයේ අද උදෑසන රථ වාහන තදබදයක් ද හටගෙන තිබූ බව වාර්තා විය.

Related posts

පලා ගිය මුලතිව් රැඳවියන් සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහ නායක හිමියන් වෙත

Mohamed Dilsad

තාක්ෂණයෙන් ත්‍රස්තවාදය නිර්මාණය කරන්න ඉඩනොදිය යුතුයි – ඇමති වජිර කියයි

Mohamed Dilsad

Leave a Comment