ප්‍රමුඛ පුවත 1

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට

(උදයම්,කොළඹ)   –  නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී.කේ.පී. දසනායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනී.

පුද්ගලයින් 11දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගෙන අතුරුදහන් කිරීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) ඔහු සැකකරු ලෙස නම් කළේය.

ඔහු විසින් පාඨමාලවක් හැදෑරීම සඳහා අමෙරිකාවට යාමට පසුගියදා අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

එහි නියෝගය ඊයේ(12) ලබා දුන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දුන්නේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සිටිනා සැකකරුවෙකු වන බැවින් විදේශ ගත වීමට අවසර දිය නොහැකි බවය.

ඔහු දැනට වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

කෙසේ නමුත් ඔහු සැකකරු වශයෙන් නම් කර තිබෙන නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් අවශ්‍ය නැති බවත් අවශ්‍ය පොලිස් බලතල භාවිත කර ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

Related posts

ජාත්‍යන්තර, ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි[VIDEO]

Mohamed Dilsad

කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය හෙට ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment