ප්‍රමුඛ පුවත 1

නැවත පදිංචි මුලතිව් වැසියන්ට යුද හමුදාවෙන් ලේ දන් දෙයි

(උදයම්,මුලතිව්)  –  යුද්දෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාව වෙනුවෙන් මුලතිව් රෝහලේ පැවති ලේ අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩී.පී.ප්‍රනාන්දු මහතාගේ පූර්ණ උපදෙස් හා අධීක්ෂණයන් පරිදි 59, 64 , 68 යන සේනාංකයන්හි සෙබලුන්ගේ දායකත්වයෙන් මුලතිව් මහරෝහල් ලේ බැංකු මධ්‍යස්ථානයේදී සංවිධානය කර ඇත.

මුලතිව් මහරෝහල් ලේ බැංකුවේ රජිත විජේවර්ධන වෛද්‍ය තුමන්ගේ ඉල්ලීම පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති තුමන් විසින් මෙම ලේ දන් දීමේ වැඩසටහන මෙහෙයවා ඇත.

මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාවගේ හදීසි ලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහ රෝහල විසින් අගය කොට ඇති අතර ලේ දන් දීමේ වැඩසටහන් අවස්ථාවට සෙබලු 400 කට ආසන්න පිරිසක් සහභාගී වුහ.

Related posts

ගෝඨාභය විදෙස් ගත වීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

දැඩි සුළඟකින් මැදිරිගිරියේ නිවාස වලට හානි

Mohamed Dilsad

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම් ගැන විමල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment