ප්‍රමුඛ පුවත 1

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(උදයම්,මුලතිව්)  –  මසුන් මැරීම සඳහා යොදා ගන්නා වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී මුලතිව් නයාරු නාවික අණු කණ්ඩයට අයත් නාවික නිලධාරින් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එහිදී ඔවුන් සතුව තිබී වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය බවට සැකකෙරෙන ප්ලාස්ටික් කූරු 25ක් පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකරුවන් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද (10) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

වෙඩි හුවමාරුවකින් පාකිස්ථාන සෙබලුන් 03 ක් ජිවිතක්ෂයට..

Mohamed Dilsad

ඩොල්ෆින් මසුන් මැරූ මාදැල් හිමියාගේ බලපත්‍රය අහෝසී

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවෙන් ලාංකිකයන් 13 දෙනෙකු පිටුවහල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment